Cadet - CSM


කෑම්ප් එකේ මුලින්ම අවදි වෙන්නෙ මොහුයි.. ලග ඉන්න එක්කනාවවත් පේන්නේ නැති විදිහට තියෙන පාන්දර කලුවරේ, හිරිගඩු පිපෙන සීතලේ අයිස් වතුර එන ටැප් එකෙන් මූන අතපය හනික හෝදගෙන රෑ එලි වෙනකම් හදාගත්ත යුනිෆෝර්ම් එක ක්ෂණිකව දාගෙන කෑම්ප් එක පුරාම කෑ ගහ ගහ ප්ලැටුන් ඇහැරවන්න දුවන්නේ, ගොඩාක් අය නැතත් නිදිකුම්බරයො වගේ නිදියන එකෙක් දෙන්නෙක්ට පාරක් දෙකක් ගහන්නේ තරහකට නෙවෙයි.. තමන්ගේ කම්පැනිය විතරක් නැතුව වෙන කම්පැනිද උදේ පාන්දර පෝලිම් කරන්නේ කෑම්ප් එක සාර්ථකව බැනුම් අහන්නෙ නැතුව කරගන්නයි. උගුර ලේ රහ වෙනකම් කෑ ගහන්නේ තරහකට නෙවෙයි.. මයිල ගස් ලග පෝලිම් කරලා ප්ලැටුන් ස්ට්රෙන්ත් එක rsm සර්ට දීලා උදෑසන පෙරට්ටුවට මුලු පෙලපාලියම අරන් ගිහින් සර්ලට භාර දීලා පොඩ්ඩක් විවේක ගන්නේ උදේට පෙරඩ් ග්රවුන්ඩ් එකේදි විතරයි. ඒත් සීරුවෙන්ම තමා. තමන්ගේ කම්පැනය තම තමන්ට භාර දීලා තියෙන ටෙස්ට් බෝඩ් වලට අරන් ගිහින් ඒවා ඉවර උනාට පස්සේ මෙස් එකට ගිහින් කටට දෙකට බත් ටික කාලා ආයෙත් සුපුරුදු විදිහටම දුවන්න පටන් ගන්නේ තමන්ගෙ රාජකාරිය දේව කාරියට වඩා ලොකු නිසයි.. අඩුපාඩු බල බල කකුල් කඩිත්තුව හැදෙනකන් කෑම්ප් එක වටේ ඇවිදින්නෙ තමන්ගෙම වයසේ ඉන්න තමන්ගෙම කොල්ලොන්ට පවා විටෙක බනින්නෙ කෑ ගහන්නෙ ලැබිලා තියෙන වගකීම නිවැරදිව ඉටු කරන්නයි.. ඒ අතරේ තමන් කරන සේවය ගනන් නොගෙන තනතුර ගනන් නොගෙන සමහර පන්ඩිත ඩයලුත් හම්බ වෙනවා උන්ගේ පන්ඩිත කමුත් පොඩ්ඩක් අඩු කරන්නත් කාලයක් වැය වෙනවා.. උන් ගැන කතා නොකර ඉමු මොකද උන්ට පැවැත්මක් නෑ මේ බළකායේ.. ඒ විදිහට මුලු දවසම දුවලා දුවලා වැඩ කරලා හවස් වෙනවා.. ඒ ගැම්මෙම් ගිහින් කොන්ෆරන්ස් එක සෙට් කරලා සර්ලට කියලා හෙට වෙන්න ඕනි වැඩ ටික බලාගෙන සාජන්ලව දැනුවත් කරලා රෑට කන්න මෙස් එකට යනවා කෑවට පස්සෙත් රෑට ලොකු වැඩක් තියනවා ඒ මුලු දවසෙම වුන වැඩ ටික විශේෂ දේවල් රපෝර්තූ කරන මාන්ඩලික පෙරට්ටුව කරන්න. ඒක ඉවර උනාට පස්සෙත් csm ලගේ ජොබ් එක ඉවර වෙන්නේ නෑ මුලු කෑම්ප් එකේ ලයිට් ඕෆ් කරවන්න යන්න ඕනී ඒකත් කරන්න ගියාම කෑ ගහන්න වෙනවා.. එතකොට එදාට තියෙන වැඩ ටික ඉවරයි බිලට් එකට ඇවිත් බූට් දෙක ගැලෙව්වම දැනෙන පහසුව වචන වලින් කියන්න අමාරුයි.. කකුල් පුරා දිය පට්ට දාලා.. ඒ වේදනාවත් ඉවසනවා.. නාලා ඇදට ගියාම නින්දෙ යනවා දැනෙන්නෙ නෑ... ආයෙත් උදේට ඇහැරුනාම සුපුරුදු විදිහටම ආයෙත් රාජකාරි පටන් ගන්නවා... සමහරු හිතනවා ඇති csm ලානම් කෑම්ප් ගියාම ආතල් එකේ ඉන්නවා කියලා.. ඒත් ඒ දුක දැනගන්න රෑන්ක් එක අරන් කෑම්ප් යන්නම ඕනි.. මටනම් හිතෙන විදිහට කෙඩෙට් කෙනෙක් කරන අමාරුම රාජකාරිය තමා csm කෙනෙක් කරන්නේ.. ඒක හන්දා මේක කියවන සාජන්ලා ජූනියර්ලා ඉන්නවනම් පුලුවන් තරම් csm කෙනෙක්ට උදව් වෙන්න.. කියන වැඩ දෙපාරක් කියන්න තියෙන්න එපා.. මොකද කවුරුත් නොකරන ජොබ් එකක් තමා csm කෙනෙක් කරන්නේ... සියලුම csm ලට රෙස්පෙක්ට් කරන්න....
කතාවෙ වැරැද්දක් තියනවනම් කියන්න..
හොදයිනම් තව කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න...
-ස්තූතියී-

Copied from  : https://www.facebook.com/Official.Cadet.Page/photos/a.2496651223743236/2498128996928792/?type=3&theater

This entry was posted in

Leave a Reply